Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ග්ලෝබල් පෝට් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස් (CPPI) ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ කොළඹ වරාය 2021 වර්ෂයේ දෙවන සංස්කරණයට අනුව ලෝකයේ වරාය 370ක් අතරින් 22 වන ස්ථානයටත්, ඉන්දියානු සාගර කලාපයේ 03 වන ස්ථානයටත්, ඉන්දියානු අර්ධද්වීපයේ හා දකුණු ආසියානු කලාපයේ කාර්යක්‍ෂම වරාය ලෙසටත් කොළඹ වරාය ශ්‍රේණිගත කොට ඇත.

ලෝක බැංකුව,S&P ග්ලෝබල් මාර්කට් ඉන්ටර්ලිජන්ස් ආයතනය හා පිළිගත් මූල්‍ය සේවා එක්ව මෙය ශ්‍රේණිගත කිරීම් සිදුකරයි.

S&P ග්ලෝබල් මාර්කටින් ඉන්ටර්ලිජන්ස් හී සමුද්‍රීය, වෙළඳ හා සැපයුම් දාම ඒකකය හා ලෝක බැංකුවේ ගෝලීය ප්‍රවාහන ක්‍රියාකාරීත්වය සමග සහයෝගයෙන් එළිදක්වන ලද CPPI හෙවත් බහලු වරාය කාර්ය සාධන දර්ශකය හී 2021 දෙවන සංස්කරණය තුළ මෙම දත්ත අඩංගුව ඇත.

“මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා “දකුණු ආසියාවේ කේන්ද්‍රීය වරාය ලෙස හා හොඳම වරාය ලෙස දර්ශක ගත කිරීම හා ලෝකයේ 7%ක් වූ හොඳම වරායන් අතර සංඛ්‍යා දර්ශක අනුව, ලෝක බැංකුව හා S&P ආයතනය, කොළඹ වරාය ස්ථානගත කර ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ කාර්ය භාරයට අමතරව කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) හා සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය (SAGT) මේ වෙනුවෙන් දක්වන ලද සුවිශේෂ දායකත්වය ද මෙහිලා වැදගත් වේ.”

ශ්‍රී ලංකා වරාය  අධිකාරිය යටතේ සංවර්ධන කෙරෙන නැගෙනහිර බහලු පර්යන්තය (ECT), ඉන්දියානු අදානි සමාගමට අනුබද්ධ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් ආයතනය යටතේ සිදුවන බටහිර බහලු පර්යන්තයේ (WTC) සංවර්ධනය හේතුවෙන්, ඉදිරි වසර 2-5 දක්වා තුළදී කොළඹ වරායේ සමස්ථ බහලු මෙහෙයුම් ධාරිතාව මිලියන 07 සීමාව පසුකරන බවද සභාපතිවරයා පැවැසිය.

කොළඹ වරාය එහි උපරිම මෙහෙයුම් හැකියාව වු බහලු මිලියන 7.25ක ධාරිතාව පසුගිය 2021 වසරේ දී පෙන්වූ අතර, එය තවදුරටත් වර්ධනය කරමින් ඉහත වසරේ එම කාලයට සාපේක්ෂව 2022 වසරේ පළමු මාස 05 තුලදී 2% ක වර්ධනයක් පෙන්වා ඇත.

වර්තමානයේ දී කොළඹ වරාය සතුව, පර්යන්ත අද්දරට දිග මීටර් 4.500ක්ද, පර්යන්ත අද්දර ගැඹුර මීටර් 12 සිට 18 දක්වා ද, පර්යන්ත අද්දර දොඹකර 47ක් ද, හෙක්ටයාර් 130ක වරාය පර්යන්ත ඉඩක්ද ලෙසින් පහසුකම් පවතී.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායේ හිමිකරුවා හා නියාමකයාගේ කාර්ය භාරයට අමතරව CICT හා SAGT පර්යන්තවල 15% ක කොටස් හිමිකාරීත්වයක්ද දරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.